දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය
By Shehan
දිස්ත්‍රික්ක කිහිපයකට පූර්ව නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසිනි.
මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇලපාත, ඕපනායක, කිරිඇල්ල, වැලිගෙපොල, කොළොන්න, කහවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන පරිදි, අද රාත්‍රී 9.00 සිට මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වේ.