මොනරාගල බඩ ඉරිඟු ව්‍යාප්ත කරන්න බීජ ටොන් 26ක්
වර්ෂ 2025/26 මහ කන්නයේ මොනරාගල දිස්ත්‍රික්කය තුළ බඩ ඉරිඟු වගාව ව්‍යාප්ත කිරීමට පියවර ගෙන ඇතැයි මොනරාගල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක එස්.එම්.එස් උදයංගනී මහත්මිය පැවසුවාය.
දිස්ත්‍රික්කය තුළ වැඩි වශයෙන් බඩ ඉරිඟු වගා කෙරෙන සියඹලාණ්ඩුව,මොනරාගල,බිබිල සහ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මූලික කරගෙන දිස්ත්‍රික්කය පුරාම අක්කර 50 යුත් යායවල් 75 ස්ථාපිත කිරීමට නියමිතය.
ඒ සඳහා අවශ්‍ය බීජ කිලෝ විසිහය දහස් දෙසියය පනහක් ගොවීන්ට ලබාදෙන අතර දින වල බීජ ගොවීන්ට ලබාදීම සිදුකෙරෙමින් පවතී.
බඩ ඉරිඟු වගාව ප්‍රවර්ධනය කරමින් ගොවීන්ට ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට මෙමඟින් හැකිවේ.
ගොවීන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ අනෙකුත් පහසුකම් දකෘෂිකර්ම දෙපාර්තුමේන්තුව මඟින් ලබාදෙන අතර මධ්‍යම රජයේ කෘෂිකර්ම අමාත්‍යංශය මඟින් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇත.