වතු කම්කරුවන්ගේ වැටුප් ගැන හදිස්සියෙන්ම විශේෂ සාකච්ඡාවක්

Report

යෝජිත වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වැවිලි සමාගම් නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

පසුගිය අයවැය යටතේ රාජ්‍ය සහ පෞද්ගලික අංශවල වැටුප් වැඩි කිරීමට සමගාමීව, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නැංවීමේ යෝජනාව පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

වතු කම්කරු ජනතාවට ජීවත්වීමට ප්‍රමාණවත් වැටුපක් ලබා දී ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා, එම වැටුප් වැඩි කිරීමේ ක්‍රමවේදය පිළිබඳව වැවිලි සමාගම් නියෝජිතයන් සමඟ සාකච්ඡා කළේය.

මේ වසරේදී වතු කම්කරුවන්ට රු. 1,750 දෛනික වැටුපක් - ජනාධිපතිගෙන් පොරොන්දුවක්

මේ වසරේදී වතු කම්කරුවන්ට රු. 1,750 දෛනික වැටුපක් - ජනාධිපතිගෙන් පොරොන්දුවක්

වැවිලි කර්මාන්තකරුවන් මුහුණ දෙන අභියෝග පිළිබඳව ද වැවිලි සමාගම් නියෝජිතයන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී.

වැවිලි කර්මාන්තය නඟා සිටුවීමේ රජයේ ප්‍රතිපත්තිය පැහැදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඒ සඳහා රජයේ උපරිම දායකත්වය ලබා දීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට අවස්ථාව ලබා දීම පිළිබඳව ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළ වැවිලි සමාගම් නියෝජිතයෝ, ක්ෂේත්‍රයේ උන්නතියට අදාළ තම අදහස් සහ යෝජනාද ඉදිරිපත් කළහ.

ලංකා වෙළඳ ප්‍රතිපත්තිය ගැන ක්ලාස් ගන්න වසන්ත ස්විට්සර්ලන්තයට

ලංකා වෙළඳ ප්‍රතිපත්තිය ගැන ක්ලාස් ගන්න වසන්ත ස්විට්සර්ලන්තයට

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන් ඇතුළු අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරු, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරින්, ලංකා වැවිලි කරුවන්ගේ සංගමය, ලංකා සේවා යෝජකයන්ගේ සම්මේලනය, Agarapatana & Kotagala Plantation PLC, Kelani Valley Plantation PLC, Malwatte Valley Plantation PLC, Balangoda Plantation PLC, Browns Plantation PLC, Kahawatte Plantation PLC, Kegalle Plantation PLC, Agalawatta Plantation PLC යන වතු සමාගම් නියෝජනය කරමින් නියෝජිතයෝද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

රාජසන්තක වූ ගෝඨාගේ කතරගම ගෙදර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට

රාජසන්තක වූ ගෝඨාගේ කතරගම ගෙදර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට