දිවයින පුරා ප්‍රදේශ රැසකට අවදානම් නිවේදනයක් නිකුත් කෙරේ..

Kalutara Ratnapura TN Weather Landslide In Sri Lanka Weather
By Aruna Sep 20, 2023 04:05 AM GMT
Aruna

Aruna

Report

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පළමු අදියරේ නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ගාල්ල, කළුතර, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්ත සඳහා එම නිවේදන නිකුත් කර ඇති බවයි, එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේණාධීර මහතා සඳහන් කළේ.

"ඊයේ දිනයේදී ලැබුණ අධික වර්ෂාපතනය සමඟ ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය රාත්‍රී 10.30ට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළා.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය හා නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ, අඟලවත්ත,මතුගම, වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, බුලත්කොහුපිටිය, යටියන්තොට සහ දැරණියගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ සහ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර එක යටතේ විමසිලිමත් බවෙන් සිටින ලෙස නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

මෙම නිවේදනය පවතින වර්ෂාපතනයේ වෙනසත් සමඟ වෙනස්වීමට ඉඩ තිබෙනවා.

ඒ වගේම අනෙකුත් ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය නිසා කඳු අශ්‍රිතව ජීවත් වෙන ජනතාව අවධානයෙන් සිට අවශ්‍ය වුවහොත් ආරක්ෂක ස්ථානයක් කරා යන ලෙස ඉල්ලා සිටිනවා."

ReeCha