මේ ප්‍රදේශවල සිටිනවා නම් මේ ගැනත් අවදානයෙන් සිටින්න - අවදානම් තත්ත්වයක් තවදුරටත් ක්‍රියාත්මක කරයි..
පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක කිහිපයකට පැන වූ නායයෑමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ගාල්ල, කලුතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික් වලට මෙම නායයෑමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බවයි.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ තවදුරටත් බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පලාත් වලට මෙන්ම ගාල්ල, මාතර, නුවරඑළිය යන ප්‍රදේශවලට වැසි අපේක්ෂා කළ හැකි බවයි.