මාර්ගයකට පස් කන්දක් කඩා වැටෙයි - වාහන ගමනාගමනයටත් බාධා..
Sri Lanka
Landslide In Sri Lanka
By krishani
ඊයේ (24) පස්වරුවේ සිට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 7 කණුව ප්‍රදේශයේ දී පස් කන්දක් කඩා වැටී තිබෙනවා.
එම මාර්ගයේ තැනින්තැන පස්කඳු සහ ගස් කඩාවැටී ඇති බවට වාර්තා වේ.
ඒ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇත.
මේ අතර රන්දෙනිය ප්‍රදේශයේ නිවාස දෙකකට පස් කඩාවැටී හානි සිදු වී ඇති බවට වාර්තා වේ.
