ඔය මහලොකු පොරවල් ළඟ ඉතින් පැකේජ් එකක් එහෙම තියෙනවද? කැම්පස් ආචාර්‍යවරුන්ට කිණ්ඩි දාන ලාල්කාන්ත

Report

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය වෙත දැඩි විවේචනයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අමාත්‍යවරයා ඔවුන් රජය විසින් ඉදිරිපත් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියට විරෝධය පළ කරන්නේ, තමන් සතුව කිසිදු විකල්ප යෝජනාවලියක් නොමැතිව බව පෙන්වා දෙයි.

ගාමන්ට් යන අයට විශේෂ නිවේදනයක්

ගාමන්ට් යන අයට විශේෂ නිවේදනයක්

ඒ අනුව ඔහු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙන් ප්‍රශ්න කරමින් සඳහන් කළේ,

"අපි අහන්න කැමතියි ඔය කියන අධ්‍යාපනඥන්ගෙන් මහලොකු පොරවල්වලින් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමෙන් මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඕගොල්ලෝ හදපු පැකේජ් එකක් ඕගොල්ලන් අතේ තියෙනවද.. ඒකට ආණ්ඩු ඕන නෑනේ. හදලා තියාගන්න එපැයි. කෝ ඔයගොල්ලෝ හදපු මේ රටේ අධ්‍යාපනය කඩාවැටිලා කියලා පිළිගන්නවා ප්‍රතිසංසකරණ ඕන කියලා පිළිගන්නවා. ඔයගොල්ලෝ අතේ තියෙනවද පැකේජ් එකක්.. ව්‍යාපෘතියක්. එහෙම නැ" යනුවෙනි.

පුදුම මිනිස්සු තමයි, ප්ලේන් එකේදී බයට කෑගැහුවා කියලා පැනලා කම්මුලට ගහලා, වීරයා වෙන්න ගියාට හොඳ වැඩේ

පුදුම මිනිස්සු තමයි, ප්ලේන් එකේදී බයට කෑගැහුවා කියලා පැනලා කම්මුලට ගහලා, වීරයා වෙන්න ගියාට හොඳ වැඩේ

එසේම අමාත්‍යවරයා අවධාරණය කළේ රජයේ යෝජනාවලියට විරුද්ධත්වය පළ කරන්නේ නම්, ඊට වඩා සුදුසු හෝ විකල්ප යෝජනාවක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සතුව තිබිය යුතු බවයි.

තවද අග්‍රාමාත්‍යවරිය විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා මූලික කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති අතර, එය ජනතාව සමඟ සාකච්ඡා කර අවශ්‍ය පරිදි වෙනස්කම් කිරීමට ඉඩ ඇති නම්‍යශීලී එකක් බවටත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.  

පොලිස් නිලධාරීන්ගේ වැටුපට වෙන්න යන දේ

පොලිස් නිලධාරීන්ගේ වැටුපට වෙන්න යන දේ

මම උපාධිය අත් හැරල තුවක්කුව ගත්ත මිනිහෙක් - පැන්ෂන් කැපුවොත් මරාගෙන මැරෙනවා - නන්දන

මම උපාධිය අත් හැරල තුවක්කුව ගත්ත මිනිහෙක් - පැන්ෂන් කැපුවොත් මරාගෙන මැරෙනවා - නන්දන