සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - වෘශ්චික ලග්නයේ උපන් ඔබට කොහොමද ?

Report

වෘශ්චික ලග්නය 

උත්සාහය මත ප්‍රතිඵල ලැබෙන අවුරුද්දක්

මෙම වර්ෂය ඔබේ රැකීරක්ෂා කටයුතුවලට යහපත්ය. උත්සාහයෙන් හා උනන්දුවෙන් රැකීරක්ෂා කටයුතුවල නිරත වීමෙන් රැකියා දියුණුව, උසස්වීම් ආදිය ලබා ගත හැකි වේ. එහෙත් රැකියාව නිසා චිත්ත පීඩා ඇති විය හැක.

ඔබේ උත්සාහය මත ප්‍රමාණවත් ධනයක් ද උපයා ගත හැකිය. රැකියා, ව්‍යාපාර කටයුතුවලින් බලාපොරොත්තු වන ආදායම් ලැබෙන නමුත් උපයන ධනය ක්ෂණිකව වියදම් වීමට කරුණු යෙදේ.

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - කන්‍යා ලග්නයේ උපන් ඔබට කොහොමද ?

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - කන්‍යා ලග්නයේ උපන් ඔබට කොහොමද ?

එම නිසා තැන්පත් ධනයක් පවත්වා ගැනීම අසීරුය. මෙම වර්ෂයේ ඔබේ ගෘහ ජීවිතය තරමක් ගැටලු සහගත විය හැකිය. පවුලේ අය සමඟ නිතර අමනාප වීම් ඇති වේ. පවුලේ කෙනෙකුට මාරක අපලයක් ද ඇති විය හැකිය. දරුවන් අසනීප වීමටද, දරුවන් තුළ හිතුවක්කාර ගති ඇතිවීමටද ඉඩ ඇත. එම නිසා පවුල තුළ සතුට හා සමගිය පවත්වා ගැනීමට ඔබ බෙහෙවින් ඉවසිලිවන්තව ක්‍රියා කළ යුතුය.

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - තුලා ලග්නයේ උපන් ඔබයි ධන කුවේරයෙක් වන්නේ

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - තුලා ලග්නයේ උපන් ඔබයි ධන කුවේරයෙක් වන්නේ

අධ්‍යාපන කටයුතුවල යෙදෙන වෘශ්චික ලග්න හිමියන්ද මෙම වර්ෂය තුළ වෙනදාට වඩා උනන්දුවෙන් සහ කැපවීමෙන් ක්‍රියා කළ යුතු වේ. සාහිත්‍යය, කලා කටයුතුවල නිරත වෘශ්චික ලග්න හිමියන්ට එම කටයුතුවල දියුණුවක් අත්පත් කර ගැනීමට හැකි අතර කලබලකාරී ගතියෙන් තොරව නුවණින් විමසා බලා කටයුතු කිරීමෙන් බොහෝ ජයග්‍රහණ අත්පත් කර ගත හැකිය.

ඔබ මෙම වර්ෂය තුළ හදිසි අනතුරුවලින් ප්‍රවේශම් විය යුතුය. ගුද මාර්ගයේ අසනීප, ආමාශගත රෝග, දියවැඩියාව, කොලෙස්ටරෝල් වාත රෝග වැනි රෝග පීඩා ඇති විය හැකි අතර ප්‍රතිශක්තිය ද දුර්වල විය හැකිය. නිතර අලස, උදාසීන ගති පැවතිය හැක. හදවත් රෝග ඇති අය මෙම වර්ෂයේ විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුය.