සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - මීන ලග්නයේ උපන් ඔබට කොහොමද ?

Report

මීන ලග්නය

මිශ්‍ර ඵලදායක වසරක්

මෙම වර්ෂය මීන ලග්න හිමි ඔබට ධනය අතින් මිශ්‍ර ඵලදායක වේ. බලාපොරොත්තු වන ආකාරයට ඔබට ධනය ලැබුණත් එම ධනය ලබාගැනීමට බොහෝ වෙහෙස මහන්සි වීමට සිදුවේ. ධනය නිකරුනේ වියදම් වීමටද ඉඩකඩ ඇත. සොර සතුරු කරදර පවා ඇති විය හැකිය.

එම නිසා ඔබ ඉතාමත් සැලකිල්ලෙන් මෙම වර්ෂයේ ඔබේ ධනය ප්‍රවේශම් කර ගත යුතුය. කිසිසේත්ම මෙම වර්ෂය තුළ ඔබ ණය ගනුදෙනු සිදු නොකළ යුතුය. රැකියා කටයුතු සම්බන්ධව ඔබ උනන්දුවෙන් හා උත්සාහයෙන් කටයුතු කරන බැවින් රැකියා කටයුතුවල දියුණුවක් අපේක්ෂා කළ හැකිය.

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - කුම්භ ලග්නයේ උපන් ඔබට කොහොමද ?

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - කුම්භ ලග්නයේ උපන් ඔබට කොහොමද ?

වරින් වර රැකියා සම්බන්ධව ගැටලු මතු වුවත් ඒවාට සාර්ථකව මුහුණ දීමට ශක්තිය ඔබ තුළ ඇත. කේළාම් ඕපාදූප ආදියෙන් ඔබට සිත් පීඩා ඇති වෙයි. එසේ වුවත් ඔබට පැමිණෙන රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමෙන් රැකියා කටයුතු සාර්ථක කර ගත හැකිය. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියැලෙන මීන ලග්න හිමියන් ද මෙම වර්ෂයේ වඩාත් කල්පනාකාරීව එම කටයුතු සිදු කළ යුතුය.

විදෙස් ගමන්වලට මෙම වර්ෂය සුබදායකය මෙම වර්ෂය තුළ ඔබේ විවාහ සතුටින් ගෙන යා හැකි වේ. පවුල තුළ පැවති මතභේද ගැටුම් බොහෝ දුරට අවම වේ.

එහෙත් නීතිමය ගැටලු මතුවීමට ඉඩ ඇති බැවින් එවැනි අවස්ථාවලට හැකිතාක් සම්බන්ධ වීමෙන් වළකින්න. මෙම වර්ෂයේ ඔබට විවාහය යෝජනා ලැබුණත්, ඒවා පිළිබඳ තීරණ ගත යුත්තේද ඉතාමත් කල්පනාකාරීවය. විවාහකයින්ට දරුඵල ලැබීමේ වාසනාව ඇත.

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - කුම්භ ලග්නයේ උපන් ඔබට කොහොමද ?

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - කුම්භ ලග්නයේ උපන් ඔබට කොහොමද ?

ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් ද ඔබ වඩාත් ප්‍රවේශම් විය යුතු අතර විශේෂයෙන් ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය දුර්වල වීම, උදරාබාධ, සෙම ආශ්‍රිත රෝග පීඩා ආදීය ඇති විය හැකිය. සුළු අසනීපයකදී පවා ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වන අතර අනතුරු ආදියෙන් ද ප්‍රවේශම් විය යුතුය. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ද තරමක් බාධා මතුවිය හැකි බැවින් වෙනදාට වඩා දැඩි කැපවීමෙන් හා උනන්දුවෙන් මෙම වර්ෂය තුළ අධ්‍යාපන කටයුතුවල නිරත විය යුතුය.