සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - මිථුන ලග්නයේ උපන් ඔබට කොහොමද ?

Horoscope Astrology Latest Headlines Sinhala news
By Akash Apr 13, 2025 04:58 PM GMT
Akash

Akash

Report

මිථුන ලග්නය

විදෙස් රැකියා බලාපොරොත්තු ඉටු වේ.

මෙම වර්ෂය මිථුන ලග්න හිමි ඔබට ජීවිතයේ දියුණුව උදාකර ගැනීමට ඉතාම සුබ වර්ෂයකි. මිල මුදල් ලැබීම අතින් මෙම වර්ෂය ඉතාම සුබදායකයි. ඔබ බලාපොරොත්තු නොවූ ආකාරයේ ලාභ ලැබිය හැක.

එමෙන්ම හදිසි අවශ්‍යතා වෙනුවෙන් මුදල් වියදම් කිරීමට ද සිදුවේ. ඔබගේ භාග්‍යස්ථානාධිපති මෙන්ම කර්මස්ථානාධිපති ද වන සෙනසුරු 10 වැන්නේ ගමන් කරන බැවින් මෙම වර්ෂයේ රැකියා කටයුතු වෙනුවෙන් තරමක් වැඩිපුර වෙහෙස මහන්සි වීමට සිදු වුවත්, ඒ හේතුවෙන්ම රැකියාවේ විශේෂ දියුණුවක් බලාපොරොත්තු විය හැකිය.

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - වෘෂභ ] ලග්නයේ උපන් ඔබට කොහොමද ?

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - වෘෂභ ] ලග්නයේ උපන් ඔබට කොහොමද ?

ව්‍යාපාර කටයුතු වෙනුවෙන් ද වැඩිපුර වෙහෙස මහන්සි විය යුතු වන අතර ඔබේ මහන්සියේ තරමට උපරිම ලාභ ලබා ගත හැකි වසරකි. විදෙස් ගත රැකියා බලාපොරොත්තු වන මිථුන ලග්න හිමියන්ට පැවති සියලු බාධා දුරුව එම ප්‍රාර්ථනා ඉටුකර ගත හැකි වන වසරකි. මෙම වර්ෂය ඔබේ අධ්‍යාපන කටයුතුවලට ඉතාම සුබදායකයි.

අධ්‍යාපනය ලබන මිථුන ලග්න හිමි දරුවන්ට මෙම වර්ෂයේ බොහෝ අලුත් දේවල් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙයි. අධ්‍යාපනයට හොඳ ගුරුවරු ලැබෙන අතර මතක ශක්තිය, අවබෝධ ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතුවලට ශිෂ්‍යත්ව මෙන්ම ඥාතීන්ගේ පවා උදව් උපකාර ලැබේ. විභාගවලින් පහසුවෙන් සමත් වේ. විදෙස්ගත අධ්‍යාපනයට ඉතාම සුබ වර්ෂයකි. මේ වර්ෂයේ ඔබේ ශරීර සෞඛ්‍ය බොහෝ දුරට යහපත් වන අතර පැවැති ලෙඩ රෝග සුව අතට හැරෙයි.

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - මේෂ ලග්නයේ උපන් ඔබට කොහොමද ?

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - මේෂ ලග්නයේ උපන් ඔබට කොහොමද ?

ගුරු ලග්නයේ ගමන් කරන මේ වර්ෂය ඔබේ නායකත්වය පෞරුෂත්වය කැපී පෙනෙන අතර ආධ්‍යාත්මික අංශයට ද වැඩි නැඹුරුවක් ඇති වේ. ඔබේ ජීවිතයේ ලෞකික සැපය වෙනුවෙන් බොහෝ දේ ලැබෙන අතර නිවසේ ද දියුණුවක් ඇති වේ. අඹුසැමියන් අතර විවිධ මත ගැටුම් ඇති විය හැකි බැවින් විවාහ ජීවිතය කල්පනාවෙන් ගෙන යන්න. අවිවාහකයින්ට මංගල යෝග උදාවන අතර ස්ත්‍රී පුරුෂ සබඳතා බෙහෙවින් දියුණුවේ. පසුගිය වර්ෂයට වඩා මේ වර්ෂය ඔබට සුබදායක වන අතර ඔබගේ දියුණුව උදෙසා කරනු ලබන කටයුතුවලට නව ඇරඹුමක් ගත හැකි වසරකි.

ReeCha