සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - වෘෂභ ලග්නයේ උපන් ඔබට කොහොමද ?

Report

වෘෂභ ලග්නය 

ධනය අතින් ඉතා සුබදායක වර්ෂයක්

මෙම වර්ෂයේ ඔබේ රැකියා කටයුතු බෙහෙවින් දියුණුවට පත් වේ. රැකියාවෙන් ලැබෙන ආදායම් වර්ධනය වේ. රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන්ගේ ප්‍රසාදය හිමි වේ.

රැකියා උසස්වීම් තනතුරු ආදිය හිමි වේ. රැකියා කටයුතු සම්බන්ධ ඇවිදිලි තරමක් වැඩිවිය හැක. රැකියා අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඉටුවන අතර විදේශ රැකියා බලාපොරොත්තු ද ඉටු වේ. ඔබේ ධන කාරක ගුරු 2 වැන්නේත්, යෝගකාරක සෙනසුරු 11 වැන්නේත් ගමන් ගන්නා බැවින් මෙම වර්ෂය ධනය අතින් ඉතාම සුබදායකය.

පුණ්‍ය කාලය ඇරඹේ

පුණ්‍ය කාලය ඇරඹේ

මෙම වර්ෂයේ ඔබ නිසරු ඉඩමක් වගා කළත් එයින්ද හොඳ අස්වැන්නක් ලබා ගත හැකිය. පොළොව ආශ්‍රිත කටයුතුවලින් ඉහළ ආදායම් ලැබේ. නිවාස ඉඩකඩම් දේපල ආදිය ඔබට ලාභදායී ලෙස මිලදී ගැනීමටත්, වාසිදායක ලෙස විකුණා ගැනීමටත් හැකිවේ. ව්‍යාපාර කටයුතු ද බෙහෙවින් දියුණුවේ.

හදිසි ධන ලාභ ආදිය හිමි වේ. ආයෝජනවලට ඉතාම සුදුසු වර්ෂයකි. ඔබේ ගෘහ ජීවිතය ද ඉතා වාසනාවන්ත වන අතර විවාහකයින්ගේ විවාහ ජීවිතයේ සැප, සතුට වර්ධනය වේ. පවුල් ජීවිතය තුළ ආදරය, සතුට, සමගිය දෝර ගලා යයි. දරුඵල අපේක්ෂාවන්ද ඉටුවේ. අවිවාහකයින්ට මංගල යෝග උදා වේ.

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - මේෂ ලග්නයේ උපන් ඔබට කොහොමද ?

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - මේෂ ලග්නයේ උපන් ඔබට කොහොමද ?

ඔබේ අධ්‍යාපන කටයුතුවලට ද අවශ්‍ය පහසුකම් ලැබෙන අතර මතක ශක්තිය හා අවබෝධ ශක්තිය වර්ධනය වේ. තරග විභාග ආදියෙන් පහසුවෙන් ජයග්‍රහණය ලැබිය හැකි වේ. ශරීර සෞඛ්‍යය හා ශරීර ශක්තිය මෙම වර්ෂයේ තරමක් දුර්වල විය හැකි අතර පපුව ආශ්‍රිත රෝගවලින් ප්‍රවේශම් විය යුතුය. රුධිරය සම්බන්ධ රෝග ඇති අය වඩා ප්‍රවේශම් විය යුතු අතර දණහිසෙන් පහළ කොටසේ ආබාධ ඇතිවීමට ඉඩ ඇත.