සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - ධනු ලග්නයේ උපන් ඔබට කොහොමද ?

Report

ධනු ලග්නය 

යුග දිවියේ සතුට

මෙම වර්ෂයේ ඔබේ රැකියා කටයුතු ඉතා සාර්ථක වන අතර රැකියා සම්බන්ධ ඔබේ සියලු අපේක්ෂාවන් පහසුවෙන් ඉටු වේ. ඔබේ රැකියා කටයුතුවලට සියලු දෙනාගේ සහය ලැබෙන අතර ව්‍යාපාර කටයුතු ද බෙහෙවින් සාර්ථක වෙයි. හවුල් ව්‍යාපාර සඳහා ඔබට විශ්වාසවන්ත සුදුසු සහකරුවන් හමුවන අතර ඔවුන්ගේ සහයෝගය ලැබේ.

නව රැකියා අවස්ථා උසස්වීම් මෙන්ම යුරෝපීය රටවලට යා හැකි විදේශ රැකියා අවස්ථා ද උදා වේ. මෙම වර්ෂය ධනු ලග්න හිමි ඔබට ආර්ථිකමය වශයෙන් ඉතාමත් සුබදායී වසරකි. ව්‍යාපාරවල මුදල් ආයෝජනය කිරීමට මෙම වසර ඉතාම සුදුසුයි.

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - මේෂ ලග්නයේ උපන් ඔබට කොහොමද ?

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - මේෂ ලග්නයේ උපන් ඔබට කොහොමද ?

ව්‍යාපාරවලින් ඔබට ඉතා ඉහළ ලාභයක් අත්පත් කර ගත හැකිය. රැකියා කටයුතුවලින් ද ඉහළ ආදායම් ලැබේ. මේ වසරේ ඔබේ අධ්‍යාපන කටයුතු ද සාර්ථකව සිදුකර ගත හැකි අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් පහසුවෙන් ලැබේ.

උසස් අධ්‍යාපන කටයුතු වඩාත් සාර්ථක වේ. මේ වර්ෂයේ ඔබගේ සහජ දක්ෂතා මතුවන, ඒවාට නිසි තැනක් ලැබේ. මෙම වර්ෂයේ ඔබගේ විවාහ ජීවිතය ද ඉතාම සාර්ථක වෙයි.

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - තුලා ලග්නයේ උපන් ඔබයි ධන කුවේරයෙක් වන්නේ

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - තුලා ලග්නයේ උපන් ඔබයි ධන කුවේරයෙක් වන්නේ

විවාහ ජීවිතය තුළ ආදරය, සෙනෙහස උතුරා යන අතර අඹුදරුවන් සමග ඉතාම සතුටින් කාලය ගත කළ හැකිය. නිවසේ දියුණුවට වැඩ කටයුතු සිදුවන අතර දරු සම්පත් ද හිමි වේ.

අවිවාහකයින්ට ඉතාම සුදුසු මංගල යෝජනා ලැබෙන අතර දැනට පවතින පෙම් සබඳතාවලට වැඩිහිටි ආශිර්වාදය ලැබෙයි. තදබල රෝග පීඩා ඇති නොවුණත් ශරීර සෞඛ්‍ය පිළිබඳව ඔබ තරමක් සැලකිලිමත් විය යුතු වන අතර වාත රෝග වැනි අසනීප සෑදීමට ඉඩ ඇත. විශේෂයෙන් මවගේ අසනීප වෙනුවෙන් ඔබට වෙහෙසීමට සිදු වේ.