"ඒ නාට්‍යයේ තිබුණු ප්‍රේම ජවනිකා නිසා තවත් ඔහුගේ ඇසුර මට ළඟින්ම දැනුණා, ආදරේ දුර දිග ගියා.." ජනප්‍රිය රංගන ශිල්පිනියක් කියන කතාව(PHOTOS)
හිතේ ලොකු සතුටක් නැති කාලයක්. වසංගත තත්ත්වය නිසා මියයන සංඛ්‍යාව ඉතාමත් ඉහළයයි. ඒ නිසා මගේ වැඩිමහල් සහෝදරයාගේ ජීවිතයත් අහිමි වුණා. ජීවිතය කොයිතරම් කෙටිද කියා උගන්වන දුක්බරම කාලයකයි අප මේ ජීවත් වෙන්නේ.
කලා කටයුතුවලට මේ දිනවල සම්බන්ධ වුණාද?
මේ දිනවල බොහොමයක් කලා කටයුතුවලට මම සම්බන්ධ වුණේ නැහැ. හඬ කැවීම් ගෙදර සිට සිදුකරනවා. ඊට අමතරව ඒකාබද්ධ කලා සංගමයේ ලේකම් විදිහට මං කටයුතු කරනවා. එකී සංගමය තුළින් දුෂ්කර පළාත්වල අසරණ වෙලා සිටින ජනතාවට සහන සැලසීමට වියළි ආහාර මලු ලබාදීම, සාමාජික කලාකරුවන්ට සහන බඩු මලු ලබාදීම හා කොවිඩ් නිසා අසරණ වී සිටින සහෝදර කලාකරුවන්ට බෙහෙත් හේත් හා බඩු මලු ලබාදීම මේ දිනවල සිදු කරනවා.
ඔබ හා ඔබගේ සමකාලීනයන් කලා ක්ෂේත්‍රයේ ඉදිරියට ක්‍රමානුකූලව පියවර තැබුවත් වර්තමානයේ නවකයන් එක් පිම්මකින් තරු බවට පත්වෙනවා. ඔබ මෙම ද්විත්ව යුගයන්හි රංගන ශිල්පීන් අතර යම් වෙනසක් දකිනවාද?
ඕනෑම ගමනක සුන්දරත්වය හා නිසි ප්‍රමිතිය රඳා පවතින්නේ පියවරෙන් පියවරට ගමන් කිරීම තුළයි. එහිදී මූලිකම ලක්ෂණය හැදෑරීමයි. හතු පිපෙනවා වගේ බිහිවෙන නවක රංගන ශිල්පීන් ගැන හිතට දැනෙන්නේ ලොකු කනගාටුවක්. ඔවුන්ට නිසි මඟපෙන්වීම හා ඔවුන්ව රංගන වැඩමුළුවලට යොමු කිරීමේ වගකීම ඒ නිර්මාණවලට සම්බන්ධ කරගන්නා ප්‍රවීණයන්ගේ කාර්යභාරයක්. කලාව කියන්නේ ජනතාවගේ බුද්ධියට කතා කරන මාධ්‍යයක්. ඒ නිසා දෙබසක් කටපාඩමින් කියන්න පුළුවන් වීම තුළවත්, රූපය ලස්සන වීම තුළවත් රංගන ශිල්පීන් වෙන්න අපහසුයි.
රංගන විශ්වවිද්‍යාලයක් වූ වේදිකාව තුළින් ලබන උසස් අධ්‍යාපනය කෙමෙන් කෙමෙන් නවකයන්ට අහිමි වෙනවාෙදා් කියා සැකයක් තියෙනවා. සාපේක්ෂව වේදිකාව පසුබෑමට ලක්වෙලා නේද?
නැහැ... මං කිසිසේත්ම වේදිකාවේ පසුබෑමක් දකින්නෙ නැහැ. බොහොමයක් නවකයන් වේදිකාව අති දක්ෂව ග්‍රහණය කරගෙන සිටිනවා. වේදිකාවට ගොඩවෙන්නේ එක්තරා පිරිසක් පමණයි. නමුත් වේදිකාව හිස් වෙලා නැහැ. වේදිකාව අදටත් පෝෂණීය තත්ත්වයක පවතිනවා කියා මම විශ්වාස කරනවා.
ඔබගේ හා ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයාගේ ප්‍රේම වෘතාන්තය ක්ෂේත්‍රයේ බෙහෙවින් කතාබහට ලක්වෙන්න ඇති. ඒ මතකය අලුත් කළොත්?
වේදිකා නාට්‍ය තුළින් මං ඔහුව හදුනා ගත්තා 1984දී සයිමන් නවරත්නේගම මහත්මයාගේ පණ්ඩුකාභය වේදිකා නාට්‍යයේ මං උම්මාද චිත්‍රාගේ චරිතයට හා ශ්‍රියන්ත අයියා දීඝගාමිණීට රඟපානවා. ඒ වේදිකා නාට්‍යයේ විශාල පිරිසකගෙන් මං හඳුනන කෙනකුට හිටියේ ශ්‍රියන්ත අයියා විතරයි. ඒ නිසා ඔහුත් සමඟ ටිකක් ළඟින් ඇසුරු කරන්න මට හැකියාව ලැබුණා. ඒ වගේම ඒ නාට්‍යයේ තිබුණු ප්‍රේම ජවනිකා නිසා තවත් ඔහුගේ ඇසුර මට ළඟින්ම දැනුණා. එසේ කාලයක් ගත වන විට එය ප්‍රේම සම්බන්ධයක් දක්වා දුරදිග ගියා. මං බෞද්ධ වීමත් ඔහු කතෝලික වීමත් නිසා අපේ සම්බන්ධෙට පවුල්වලින් ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් ඒ ගැටලු නිරාකරණය වෙලා 1986දී අපි විවාහ දිවියට එළැඹුණා.
දේශපාලනයට යොමු වීම තුළ සුන්දර කලාකරුවා අහිමි වෙනවා කියලා මතයක් තියෙනවා. ඔබ ඒ ගැන දරන අදහස කුමක්ද?
කලාකරුවන් කියන්නේ අනාගතය දකින පිරිසක්. ඔවුන් දකින දේ කියන්න ඔවුන්ට පෞද්ගලික අයිතියක් තියෙනවා. ඔවුන්ව කොටස් කරලා, වෙන් කරන්න ඔවුන් අමුතු සත්තු කොට්ඨාසයක් නෙමෙයි. ඔවුනුත් සමාජයේ එක්තරා කණ්ඩායමක්. එක් එක් පුද්ගලයන්ගේ දේශපාලන මතිමතාන්තර වෙනස් වෙනවා. පවතින වකවානුවේදී, ඒ මොහොතේදී ඡන්දය දිය යුතු හොඳම කෙනාවයි අප තෝරා ගැනීමට උදවු කළ යුත්තේ. මගේ දේශපාලන මතවාදය හංගන්නෙ නැතිව ප්‍රකාශ කරන්න තරම් කශේරුකාවක් මට තිබීම ගැන මං සතුටු වෙනවා. මඩේ ඉන්දපු ඉන්නක් වගේ දෙපැත්තට වැනි, වැනී ඉන්නවට වඩා ඒ ගෞරවනීයයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |