මෙන්ඩිස් ධනුෂ්ක සහ කුසල්ගේ දඬුවම් සංශෝධනය කෙරේ

Sri lanka Niroshan dikwella cricjet danushka gunathilaka Kusal mendis
By Sithumi Jul 30, 2021 02:41 PM GMT
Sithumi

Sithumi

Report

ඊයෙ දඬුවම් නියම වූ ශ්‍රී ලංකා ක්‍රිකට්   ක්‍රීඩකයින් තිදෙනාට දඩුවම සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ. තිදෙනාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් වසරකට, මාස 6 ක් දේශීය ක්‍රිකට් ක්‍රීඩාවෙන් තහනම් කර ඇත.මෙම තහනමට අමතරව සෑම ක්‍රීඩකයෙකුගෙන්ම රුපියල් මිලියන 10 ක දඩයක්ද නියම කෙරේ. 

 ඩර්හැම් ඊලියර් හි කණ්ඩායමේ ජෛව ආරක්‍ෂිත බුබුල උල්ලංඝනය කළ බවට තිදෙනා පිළිගත් හෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් සහ දනුෂ්ක ගුණතිලක යන තිදෙනාගේ වැඩ තහනම් කර තිබේ. 

 පසුව කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලකට වසර දෙකක ක්‍රිකට් තහනමක් සහ දික්වැල්ලට වසර 1.5 ක තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විනය කමිටුව තීරණය කළේය. ඊට අමතරව ඔවුන්ට ඩොලර් 25,000 ක දඩයක් ද නියම කෙරිණි. කෙසේ වෙතත්, අද රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඉහත තීරණය සංශෝධනය කර තිබේ.

Gallery
ReeCha