රජය ගැන විශ්වාසය බිද වැටෙනවා.. කොටපිටියේ හිමි අගමැතිණියගේ මුහුණටම දෙහි කපයි.

Sri Lanka Politician Harini Amarasuriya National People's Power - NPP Sinhala news
By Ashfa Jun 08, 2025 05:39 PM GMT
Ashfa

Ashfa

Report

විශාල බලාපොරොත්තු තබාගෙන පිහිටවූ රජය පිළිබඳව ජනතාවගේ විශ්වාසය දිනෙන් දින අවපත් වෙමින් පවතින බව ශ්‍රී කල්‍යානි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ පවසති.

මෙම අදහස් පළකරනු ලැබුවේ, දක්ෂිණ ලංකාවේ උපප්‍රධාන සංඝනායක ධූරයට පත් වූ පූජ්‍ය මාපලගම බුද්ධසිරි හිමියන්ගේ පිළිගැනීමේ උත්සවය හේතුකොටගෙන, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහභාගිත්වයෙන් කොළඹදී පැවැත්වූ අවස්ථාවකදීය.

කැරලි කෝලාහල නිසා රටම ගිනිගනී (PHOTO)

කැරලි කෝලාහල නිසා රටම ගිනිගනී (PHOTO)

උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කළේ: "දේශපාලන පක්ෂවල ඇතැම් ක්‍රියාකාරකම් මඟින් ජනතාව තුළ කලකිරීම් ඇතිවී ඇත.

විශාල විශ්වාසයක් ඇතිව රජය බලයට පත් කර ඇති ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට නොවී ඇති නිසා, විශ්වාසය පළිගොස් ඇත. රජය දුන් පොරොන්දු ඉෂ්ට කිරීම, ජනතා අවශ්‍යතා සපුරාලීම අත්‍යවශ්‍ය වේ.

‘මේක හරියන්නේ නෑ’ කියා පවසන්නේ වෙනුවට, වගකීමෙන් පවතින ආකාරයට රජය ක්‍රියා කළ යුතුය. නීතියට ගරු කිරීම රජයකට අත්‍යවශ්‍යයකි. නීතිවිරෝධී ක්‍රියාමාර්ගයන් ගැන ජනතාව අතර සැක සහ ගැටලු තිබේ.

කන්ටේනර් 300ක් පිළිබඳව පවතින චෝදනා පැහැදිලි කිරීමත්, පසුගිය කාලයේ කරන ලද ගිවිසුම් විවෘතව ජනතාවට දැනුම්දීමත් කළ යුතුය. රජයේ පත්වීම් දේශපාලනික නොවන අයුරින් සිදු විය යුතුය. තනි අදහස් පමණක් මත පාලනය නොකිරී, විවේචනයට විවෘතව සිටිය යුතුය.

චිචීගේ රොකට්ටුවට රජයේ මුදල් යොදවා නෑ…. මුදල් අමාත්‍යංශය තහවුරු කරයි…!

චිචීගේ රොකට්ටුවට රජයේ මුදල් යොදවා නෑ…. මුදල් අමාත්‍යංශය තහවුරු කරයි…!

අපි හිතන දේවල් පමණක් නිවැරදි කියා කටයුතු කළහොත්, එවැනි රජයක් දිගු කාලයක් පවත්වාගෙන යාම අපහසු වේ. අපි තව අවුරුදු හතරක් බලන් ඉන්නවා, එවකට හෝ රටට වැදගත් වැඩ කරනු ඇති කියා අපි ගෞරවයෙන් ඉල්ලමු."  

ReeCha