අගනුවර සෙලවෙයි...ප්‍රබල භූමිකම්පාවක්
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) මඟින් කොලොම්බියාවේ ප්‍රබල භූමිකම්පාවක් ඇති වී ඇති බවට වාර්තා වේ.
ඒ කොලොම්බියාවේ අගනුවර වන බොගෝටා හිදීයි.
ඒ අනුව සඳහන් වන්නේ අද (8) දින එහි රික්ටර් මාපකයේ 6.3ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම භූමිකම්පාවත් සමඟ ගොඩනැගිලි සෙලවී සයිරන් නාද වී ඇති බවයි.
එම නිසා ආරක්ෂාව වෙනුවෙන් ජනතාව වීථිවලට පැමිණ ඇති බවත් වාර්තා වේ.
කෙසේ වෙතත් එය රික්ටර් මාපකයේ 6.5ක අගයක් ගෙන ඇති බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) නිවේදනය කර තිබෙනවා.
එසේම එම මධ්‍යස්ථානය වැඩිදුරටත් දන්වා ඇත්තේ එහි අපිකේන්ද්‍රය කිලෝමීටර 10ක් (සැතපුම් 6.21) ගැඹුරින් ඇතිව තිබෙන බවයි.