තවත් හද කම්පා කරවන බිහිසුණු ඝාතනයක්...
Law and Order
Murder
Latest Headlines
Sinhala news
Breaking News
By Kaushi
පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කර ඇති බවට කළුතර උතුර පොලිසිය වාර්තා කරයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ කලුතර ප්‍රාදේශීය සභාවේ සේවය කළ අයෙක් බව පවසයි.
එසේම ලැබී ඇති තොරතුරු අනුව මෙසේ කපා කොටා ඝාතනය කර ඇත්තේ විදුලි සේවකයකු ලෙස කටයුතු කළ අයෙක් බව කළුතර උතුර පොලිසිය වැඩිදුරටත් සඳහන් කර ඇත.
එමෙන්ම මෙම තැනැත්තා දෙදරු පියෙකු බවට ද වාර්තා වේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය ප්‍රකාශ කරයි.
