බදුල්ල සිට අඹේවෙල දක්වා ධාවනය වූ සේවා දුම්රියක් පීලි පනියි
By Kanchana
බදුල්ලේ සිට අඹේවෙල දක්වා ධාවනය වූ සේවා දුම්රියක එන්ජිම (15) දින අලුයම හපුතලේ දුම්රිය ස්ථායේදි පිලි පැනීම හේතුවෙන් අඹේවෙල සිට බදුල්ල දක්වා දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බව අඹේවෙල දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු සදහන් කර තිබේ.
පීලි පැනීමට ලක් වූ දුම්රිය එන්ජිම පීලි ගත කරන තෙක් අඹේවෙල සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානය දක්වා ධාවනය වෙයි.
බදුල්ලේ සිට අඹේවෙල දක්වා ධාවනය වන දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානය දක්වා ධාවනය කර එම දුම්රියන් දෙකේ ගමන් කළ සංචාරකයන් දුම්රියන් දෙකට මාරැ කර යැවීමට කටයුතු කරන බව වාර්තා වෙයි