පෞද්ගලික බස්රථ සඳහා ලංගම ඩිපෝ මගින් ඉන්ධන

Report

පුද්ගලික මගී ප්‍රවාහන බස්රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ මගින් ඉන්ධන නිකුත් කරනු ලබන බව බලශක්ති අමාත්‍යාංශය පවසා ඇත.

බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ නිෂ්පාදන කාර්යන් හා අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීමට අවශ්‍ය වන රථවාහන සදහා අදාළ ආයතන එක්ව විශේෂ ක්‍රමවේදයක් යටතේ ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

අද සිට ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමයක් - QR නැත්නම් ඉන්ධන නැහැ

අද සිට ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමයක් - QR නැත්නම් ඉන්ධන නැහැ

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද පවසා ඇත්තේ රට ගැන සිතා අනවශ්‍යය ලෙස ඉන්ධන පරෙභෝජනය සිදු කිරීමෙන් වළකින ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවයි.

මොරටුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු පැවසුවේ මෙම කාලය තුළ අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිටින ලෙසය.

"සමස්ත ජනතාවගෙන් මේ වෙලාවේ රජයක් හැටියට ඉල්ලන ඉල්ලීම තම තමන්ගේ පවුල ගැන විතරක් නෙමේ රට ගැනත් හිතන්න. ඒ නිසා ඉන්ධන පරිභෝජනය යම් ප්‍රමාණයකට සාධාරණීකරණය කරගන්න.ගෙදර තෙල් නියෙනවා කියලා හිතාගෙන දුවනවා වෙනුවට යම් ප්‍රමාණයකට කළමනාකරණය කරගන්න" 

QR එකෙන් අලුත් වාහන වලට ඉන්ධන නැද්ද? වාහන හිමිකරුවන් ලොකු ප්‍රශ්ණයක් මතුවෙලා

QR එකෙන් අලුත් වාහන වලට ඉන්ධන නැද්ද? වාහන හිමිකරුවන් ලොකු ප්‍රශ්ණයක් මතුවෙලා

දවසකට ඉන්ධන ලීටර අටක් හොදටම මදියි - බස් සංගම් විරෝධයක

දවසකට ඉන්ධන ලීටර අටක් හොදටම මදියි - බස් සංගම් විරෝධයක