කොළඹ කොටස් වෙළඳපොළේ නව අවුරුදු තෑග්ග - දර්ශක ඉහළටම
2026 වර්ෂයේ පළමු ගනුදෙනු දිනය වන අද (02) කොළඹ කොටස් වෙළඳපොළ (CSE) ධනාත්මක ප්‍රවණතාවකින් ගනුදෙනු අරඹා ඇත.
සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 239.77කින් ඉහළ ගොස් ඒකක 22,864.08කින් දිනය අවසන් කර තිබේ.
මෙම ඉහළ යාම සියයට 1.06ක වර්ධනයක් වන අතර, දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 5.1ක් ලෙස සටහන් වී තිබේ. පෙර ගනුදෙනු දිනයේ (2025 දෙසැම්බර් 31) දර්ශකය ඒකක 22,624.31කින් අවසන් වී තිබුණි.
කොළඹ කොටස් වෙළඳපොළේ මෙම ධනාත්මක ආරම්භය ආයෝජකයින් අතර විශ්වාසය තහවුරු කරන බව විශ්ලේෂකයෝ පවසති. 2025 වර්ෂය වාර්තාගත වර්ධනයක් සහිත වසරක් වූ අතර, 2026ද එම ප්‍රවණතාව තවදුරටත් පවත්වාගෙන යාමට මෙය ආරම්භක සංඥාවක් ලෙස දැකගත හැකිය.
කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පෙ.ව. 9.30 සිට ප.ව. 2.30 දක්වා සිදුවේ.