කිරිපිටි පැකැට්ටුවක මිල 400කින් වැඩි කිරීමට අවසර ඉල්ලයි..

Covid Kripiti
By Aruna Jun 17, 2021 07:19 AM GMT
Report

 කිලෝග‍්‍රෑම් 1 ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 400කින් වැඩි කිරීමට අවසර දෙන ලෙස පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීම් කර තිබේ.

ඔවුන් පෙන්වා දී ඇත්තේ ලෝක වෙළද පොළේ කිරිපිටි මිල ඉහළ යාමත් නැව් ගාස්තු ඉහළ යාමත් හේතුවෙන් මෙම ඉල්ලීම කල බවය.

ග්‍රෑම් 400යේ පැකට්ටුවක් මිල වැඩිකිරිමට අවසර ඉල්ලා ඇත්තේ රුපියල් 140කිනි.

කෙසේ වෙතත් පවතින කොරෝනා වසංගත තත්ත්වය මත ජනතාව තවත් දුෂ්කරතාවට පත් කරන එවැන් මිල ඉහළ දැමීමකට අවසර දිය නොහැකි යයි පාරිභෝගික අධිකාරිය පවසා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now