කිරිඳිඔයේ ජල මට්ටම ඉහළට - දෙපස ජනතාව ප්‍රවේශමෙන්
By Kanchana
වැල්ලවාය සහ කිරිඳිඔය ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (08) පස්වරුවේ සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමග කිරිඳිඔයේ ජල මට්ටම මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් අති බව සදහන් වේ.
මේ හේතුවෙන් කිරිඳිඔය දෙපස ජනතාවට විමසිලිමත්ව සිටින ලෙසයි මොනරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම්දීමක් ද කර තිබේ.
කෙසේවෙතත් කිරිඳිඔය පිටාර ගැලීම හේතුවෙන් වැල්ලවාය ප්‍රදේශයේ නිවාස රැසක් මේ වන විට ජලයෙන් යට වී ඇති අතර තවදුරටත් මෙම ජල මට්ටම ඉහළ යා හැකි බවද වාර්තා වේ .