කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Report

මහාපරිමාණ කේරළ ගංජා ජාවාරම් කාරියක් කේරළ ගංජා තොගයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය හොරණ කඳවුරේ ස්ථාපිත මූලස්ථාන විශේෂ මෙහෙයුම් ඒකකයෙහි නිලධාරීන් කණ්ඩායමක් විසින් කළුතර උතුර පොලිස් වස‌මේ රතන‌‌ජෝති මාවත කුඩා වස්කඩුව,යන ලිපිනයේ පිහිටි නිවසේ දී වැටලීමක් සිදුකර ඇත.

ගෙවල් ඉස්සරහට ගිහින් කෑගැහුවම ඔය වගේ දේවල් වෙනවා - ඊයේ රටම කතා කළ අසූචි ප්‍රහාරය ගැන ටිල්විනුත් කට අරී

ගෙවල් ඉස්සරහට ගිහින් කෑගැහුවම ඔය වගේ දේවල් වෙනවා - ඊයේ රටම කතා කළ අසූචි ප්‍රහාරය ගැන ටිල්විනුත් කට අරී

එහි දී බොම්බුවල නවින් නැමැත්තාගේ ජාලයේ සාමාජිකයෙකු වන කදනආරච්චිගේ නුවන් ඉරේෂ් ප්‍රනාන්දු යන මත්ද්‍රව්‍ය ජාවරම්කරුගේ මත්ද්‍රව්‍ය බෙදාහරින වස්කඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක් වන බට්ටි අක්කා යන අනුවර්ථ නාමයෙන් හදුන්වන කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය සතුව තිබී කේරළ ගංජා කිලෝ 02, ග්‍රෑම් 750ක්, මුදල් රුපියල් 110,000 ක් හා විද්‍යුත් තරාදියක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කළුතර උතුර පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව සඳහන් වෙයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සුබ ආරංචියක් - යතුරු පැදි ලබා ගැනීම, නවක බඳවා ගැනීම් ඇතුළු කරුණු රැසක් විශේෂ අවධානයට

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සුබ ආරංචියක් - යතුරු පැදි ලබා ගැනීම, නවක බඳවා ගැනීම් ඇතුළු කරුණු රැසක් විශේෂ අවධානයට