යෝජනාවක් සම්මත කරයි..වහාම ඉවත් වෙන්නැයි දැනුම්දෙයි..
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ කවුන්සිලය, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඉල්ලා අස්විය යුතු බවට ඒකමතිවකව යෝජනාවක් සම්මත කර තිබේ.
අද (31) රැස්වී එම යෝජනාව සම්මත කරගෙන ඇති බව වාර්තා වෙයි.
ඒ, මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාට එල්ලවී ඇති බව කියන චෝදනාවක් හේතුවෙනි.