දුම්වැටි 23,600ක් සමග කාන්තාවක් කටුනායක දී අත්අඩංගුවට
රුපියල් තිස් පන් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක අද (19) දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඇය ඒවා හරිත මාවත " ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට උත්සාහ කර ඇත.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි ඇය 49 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි.
අද (19) දින අලුයම 12.45 ට ඩුබායි සිට ෆල්යි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී මෙම කාන්තාව විසින් ගෙන ආ ගමන් මල්ල තුළ දුම්වැටි 23,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 118 ක් සගවා ගෙන සිටියදී මෙසේ රේගු නිලධාරීවරුන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබද තවදුරටත් විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.