එළවළු මිල අහසටම නගී - නව මිල ගණන් මෙන්න

Report

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් වෙළෙඳපොළේ, උඩරට එළවළු වලට වඩා පහතරට එළවළු මිලවල වැඩි වීමක් පිළිබඳව වාර්තා වේ.

ඒ අනුව එළවළු තොගකරුවන් සහ සිල්ලර වෙළෙඳුන් පවසන පරිදි, පහතරට වැවෙන බණ්ඩක්කා, පතෝල, මෑ කරල් වැනි එළවළු කිලෝවක් රුපියල් 400–500 අතර මිලකට අලෙවි වන අතර, බටු කිලෝවක් රු. 650ක් පමණට අලෙවි වේ.

කවදාවත් ආයේ මෙහෙම ඇමරිකාවට යන්න බෑ - යන්න හීන මවපු අයට අසුභ ආරංචියක්

කවදාවත් ආයේ මෙහෙම ඇමරිකාවට යන්න බෑ - යන්න හීන මවපු අයට අසුභ ආරංචියක්

අනෙක් එළවළු වර්ගවල, කැරට්, ගෝවා, බීට්, රාබු, ලික්ස් වැනි එළවළු රු. 300–350 අතර මිලකට මිලදී ගැනේ. මාළු මිරිස් කිලෝවක් රු. 1,300ක්, බෝංචි කිලෝවක් රු. 1,000ක් වැනි මිලකට විකිණෙන බවද වාර්තා වේ.

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් ඊයේ එළවළු කිලෝ 91,510ක් සඳහා ඉල්ලුමක් ලැබී ඇති අතර, එම ඉල්ලුමට සරිලන එළවළු වර්ග ගොවීන්ගෙන් මිලදීගෙන දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කරන ලදී.

ජොබ් එකක් නැත්නම් මම හිඟා කනවා - බඩුත් අරන් එළියට බැස්ස වෛද්‍ය රුක්ෂාන් මාධ්‍යයට කියයි

ජොබ් එකක් නැත්නම් මම හිඟා කනවා - බඩුත් අරන් එළියට බැස්ස වෛද්‍ය රුක්ෂාන් මාධ්‍යයට කියයි

එම නිළධාරින් සඳහන් කළේ, නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට සැපයුම ප්‍රමාණවත් නිසා උඩරට එළවළු මිල ඉහළ නොගොස් ඇති බවය.