රියැදුරුට කැත්තකින් පහරදී කෝටියක් වටින මෝටර් රථය පැහැරගෙන

Report

කහතුඩුව ප්‍රදේශයේදී රියදුරෙකුට කැත්තකින් පහරදී බරපතල තුවාල සිදුකර, රුපියල් කෝටියකට අධික වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් කොල්ලකෑ කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙක් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබේ.

කහතුඩුව පොලිසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කුරුවිට ආරච්චිගේ කවිදු ධනංජය, හෙවත් ‘සැන්ඩෝ’ සහ ඔහුගේ ගෝලයින් බවයි.

'Rebuilding Sri Lanka'අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

'Rebuilding Sri Lanka'අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

කොල්ලකෑ මෝටර් රථය පිළියන්දල, තුම්බෝවිල අතුරු මාර්ගයක දමා ගොස් තිබූ අතර, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය 15 වැනිදා එම මෝටර් රථය සොයාගෙන තිබේ.

පැමිණිලිකරු, විදේශිකයකු, 14 වැනිදා කහතුඩුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත රැගෙන යාමට සැලසුම් කර තිබියදී, විවේක ගනිමින් සිටින විට නාඳුනන පුද්ගලයෙකු පැමිණ සිය බිරිඳ අසනීපව රෝහලට රැගෙන යාමට පැමිණෙන ලෙස රියැදුරට කළ ආයාචනය මත ඊට එකඟව මෝටර් රථය පණ ගන්වා යාමට සූදානම් වීමේදී තවත් පුද්ගලයන් දෙදෙනකු ඊට බලහත්කාරයෙන්ම ගොඩ වී තිබිණා.

ජොබ් එකක් නැත්නම් මම හිඟා කනවා - බඩුත් අරන් එළියට බැස්ස වෛද්‍ය රුක්ෂාන් මාධ්‍යයට කියයි

ජොබ් එකක් නැත්නම් මම හිඟා කනවා - බඩුත් අරන් එළියට බැස්ස වෛද්‍ය රුක්ෂාන් මාධ්‍යයට කියයි

පසුව, සැකකරුවන් පැමිණිලිකරුට කැත්තකින් පහරදී මෝටර් රථයෙන් පිටතට ඇද දමා, මෝටර් රථය හා මුදල් පසුම්බිය රැගෙන පලා ගොස් තිබේ.

මුදල් පසුම්බියේ තිබූ රු. 45,000, රේබල් 65,000, රු. 2 ලක්ෂක ATM කාඩ් දෙකක් සහ ජංගම දුරකථන දෙකක් කොල්ල කා තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිවල, බොරලැස්ගමුව සහ පොල්ගස්ඕට පදිංචිව සිටි පුද්ගලයින් බව පොලිසිය තහවුරු කර ඇත.

කවදාවත් ආයේ මෙහෙම ඇමරිකාවට යන්න බෑ - යන්න හීන මවපු අයට අසුභ ආරංචියක්

කවදාවත් ආයේ මෙහෙම ඇමරිකාවට යන්න බෑ - යන්න හීන මවපු අයට අසුභ ආරංචියක්