හරිනි අමරසූරිය වැදගත් කාන්තාවක් නම් අධ්‍යාපන ඇමතිකමින් ඉල්ලා අස්විය යුතුයි - තලතා කට අරියි

Report

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට නොගැලපෙන වෙබ් අඩවියක නාමයක් අඩංගු වීම අත්වැරදීමක් නොවන අතර, එය සිතාමතා සිදු කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරාළ පවසයි.

ඒ අනුව, අගමැති හරිනි අමරසූරිය වැදගත් කාන්තාවක් නම්, ඇය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළ යුතු බව තලතා අතුකෝරාළ අද (12) පැවති මාධ්‍ය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඇය, මේ වන විට රටේ අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් ඇති වත්මන් තත්ත්වය අතිශය සංවේදී බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ජනතා අවශ්‍යතා හා රටේ වටපිටාවට ගැලපිය යුතු බවත්ද අවධාරණය කළේය.

තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ කොමසාරිස් ඉල්ලා අස්වේ.

තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ කොමසාරිස් ඉල්ලා අස්වේ.

පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට - මෙන්න හේතුව

පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට - මෙන්න හේතුව