හිමිකරුවෙකුත් නැති මෙච්චර වටින දෙයක් ? කටුනායක ගුවන් තොටුපොලෙන් හොයාගත්ත දේ බලන්නකෝ. - (PHOTO)

CID - Sri Lanka Police Bandaranaike International Airport
By Wayomi Jul 04, 2024 01:18 PM GMT
Wayomi

Wayomi

Report

හිමිකරුවකු නොමැතිව දීර්ඝ කාළයක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රථ ගාලෙහි නවතා තිබූ මෝටර් රථය ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් පැමිණ අද දහවල් රැගෙන ගියේය

නිසාන් බ්ලූබර්ඩ් වර්ගයේ මෙම මෝටර් රථය ඉකුත් මැයි 29 දින මෙසේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රථ ගාල තුළ දමා ගොස් තිබුණි .

මෙම මෝටර් රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ කාන්තාවකට අයිති බවත් දැනට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන 68390 දරන නඩු කටයුත්තට අවශ්‍ය කරන මෝටර් රථයක් බවත් අනාවරණය වීමෙන් පසුව අධිකරණ නියෝගයක් මත ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ මෙම මෝටර් රථය රැගෙන ගොස් තිබේ 


Gallery