ලංකාවට 01 වෙනිදාම ගෙනාව දේකුත් එකපාරටම හෙළි වෙයි - අලුතෙන් පහළ වුණ අමුතු බෝධිසත්වරයාගේ පැටිකිරියම එළියට.. (VIDEO)
Latest Headlines
By krishani
අවලෝකිතේෂ්වර යන නාමයෙන් පෙනී සිටින පුද්ගලයකු හට මෙරට ජනයා වැදුම් පිදුම් කරනු ලබන සිදුවීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් නිර්මාණය වෙලා තිබෙනවා.
බුදු දහමට අපහාස වන ලෙස හැසිරෙන්නේ යැයි රහස් පොලිසියට ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ලැබී ඇත.
පැමිණිලිකරුවන් සඳහන් කර ඇත්තේ තමන් මතු බුදුවන බෝධිසත්වයන් කෙනෙකු යැයි පවසමින් බුද්ධාගම අවභාවිතා කරන බවයි.
මෙම මහායානික අදහස් ඇති බෝධිසත්වරයා යැයි හදුන්වන පුද්ගලයා සම්බන්ධයෙන් පූජ්‍ය කස්සප හිමියන් මාධ්‍ය හමුවක් තබමින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ලංකාවට 2024 වර්ෂයේ 01වෙනිදාම සෞභාග්‍ය රැගෙන ආ පුද්ගලයා ලෙස ඔහු ඔහුවම හඳුන්වා දෙන බව උන් වහන්සේ සඳහන් කළේ ය.
එමෙන්ම ඔහු සම්බන්ධයෙන් තොරතුරු රැසක් උන්වහන්සේ එම මාධ්‍ය හමුවේ දී කියා සිටියේ ය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න,
