රටම කැළඹූ ශ්‍රී ලංකන් හිටපු CEO කපිලගේ මරණයේ තවත් තොරතුරු රැසක් එළියට[UPDATE]
සැක කටයුතු ආකාරයට මියගොස් සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ සිරුර අද (08) දින උදෑසන දී සොයා ගෙන තිබුණා.
ඒ කොල්ලුපිටිය, පේද්‍රිස් පෙදෙසේ අංක 37 දරන නිවසේ තිබියදී බව සඳහන්. අඳාළ නිවස කපිල චන්ද්‍රසේනගේ ඥාතියෙකුට අයත් නිවසක් බවට වාර්තා වේ.
ඇප කොන්දේසි සම්පූර්ණ නොකිරිම නිසා ඔහුව නැවත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම ඊයේ (07) දින වරෙන්තු නිකුත් කර තිබූ පසුබිමක කපිල චන්ද්‍රසේනගේ සිරුර අද දින සොයා ගෙන තිබීම කාගේත් අවධානයට ලක්ව ඇත.
කපිලගේ මරණේ පිටුපස සැඟවුණු කුමන්ත්‍රණය මහින්දව සිරගත කිරීමද? රටම දෙදරන මරණ රොත්තක තිත්ත ඇත්ත ගැන සාගර කට අරී
එසේම සිරුර තිබූ නිවස අසල පිහිටි පෞද්ගලික රෝහලක සේවකයෙකු විසින් සිය දිවි හානි කරගත් අයෙකුගේ සිරුරක් ඇති බවට කළ දැනුම් දීමකින් අනතුරුව කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් එම නිවස වෙත ගොස් ඇත.
එහිදී එම නිවසේ දෙවන මහලේ තිබී සිරුර හමු වී ඇති අතර, එහි කාමරයක නාන කාමරයට ඇතුළුවන දොරෙහි එල්ලී මොහු සියදිවි හානි කරගන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.
කෙසේ වුවත් අඳාළ මරණය සියදිවි නසා ගැනීමක් ද එසේ නොමැති නම් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් සෙවීමට විමර්ශනයක් සිදු කරන බව පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් ලබාගත් බව කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටි කපිල චන්ද්‍රසේන ඇප මත මුදා හැර තිබුණේ ඉකුත් 05 වැනි දිනයි.
ඒ අනුව එයාර් බස් ගුවන් යානා ප්‍රසම්පාදන ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අඳාළව ප්‍රකාශයක් ලබාගැනීමට මොහු ඉකුත් මාර්තු මස 12 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවූ අවස්ථාවේ දී අත්අඩංගුවට ගැනුණා.
අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග විය.
එමෙන්ම එම නඩුව අවස්ථා ගණනාවකදීම විභාගයට ගැනුණු අතර දින 54ක් පමණ රිමාන්ඩ් කර සිටි ඔහු ඇප මත මුදාහරින මෙන් ඉකුත් 05 වැනි දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණා.
එහෙත් ඔහු සඳහා ශරීර ඇප තැබීමට ඉදිරිපත් වූ ඇපකරුවන් දෙදෙනා කපිල චන්ද්‍රසේන සමඟ කිසිදු පෞද්ගලික සම්බන්ධතාවයක් නොමැති බවට අනාවරණය වීමත් සමඟ ඔවුන් දෙදෙනා පෙරේදා දිනයේ අත්අඩංගුවට ගැනුණා.
එමෙන්ම අඳාළ සැකකරුවන් දෙදෙනා ලබන 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණය නියෝග කළා.
එවැනි තත්ත්වයක මෙම සිද්ධියට අඳාළව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ මෝසමක් සැලකිල්ලට ගනිමින් ඇප මත මුදාහැර සිටි කපිල චන්ද්‍රසේන නැවත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ(07) දින වරෙන්තු නිකුත් කර තිබුණා.
මේ අතර අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණේ කපිල චන්ද්‍රසේනට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමට අඳාළ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කරමින් එකී මිලදී ගැනීමේ දී අල්ලස් ලබා ගැනීමේ අරමුණින් තම බිරිඳ ඇතුළුව තවත් පිරිස් සමඟ කුමන්ත්‍රණය කර සිය බිරිඳගේ නමින් බෲනායි රටේ ව්‍යාජ සමාගමක් පිහිටුවා ඇති බවට ද විමර්ශනවලදී හෙළි වූ බවයි.
අඳාළ සමාගම නමින් සිංගප්පූරුවේ බැංකුවක ගිණුම් විවෘත කර අල්ලස් මුදල් වශයෙන් වෙනත් සමාගමකින් යුරෝ දාහතර ලක්ෂ පනස් හතර දහස් හයසියකට අධික මුදලක් ලබාගෙන ඇති බවට ද ඔහුට චෝදනා එල්ලව තිබුණා.
එම මුදල් ඔස්ට්‍රේලියාවේ කොමන්වෙල්ත් බැංකුවේ ඇති තමාගේ ගිණුමකට සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එවකට අධ්‍යක්ෂවරයෙකු ඇතුළු තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු වෙත ලබා දීමට කටයුතු කර ඇති බවද සිදු කළ විමර්ශනවලදී හෙළි වී ඇති බව සඳහන්.