හෙද සේවයටනම් සුබයි වගේ - නවක හෙද සිසුන් බඳවා ගැනීම් ඉහළට

Report

 සිසු හෙද පුහුණුව සඳහා අයදුම්කරුවන් 2918 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු සූදානම් කර ඇත.

ඒ මෙරට සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නංවමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ කරගනයි.

 මෙම උත්සවය හෙට (14) පෙරවරු 10.ට අරලියගහ මන්දිර ප්‍රධාන ශාලාවේ දී ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස, නියෝජ්‍ය ඇමති වෛද්‍ය හංසක විජේමුණි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සූදානම් කර තිබේ .

2025 වර්ෂයට අදාළ 2022 කණ්ඩායමේ තෝරාගත් අයදුම්කරුවන් 2918 දෙනෙකු සඳහා මෙලෙස සිසු හෙද පුහුණු පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලබයි.

මෙරට ජනතාවගෙන් හතරෙන් එකක් දිළිඳුභාවයෙන් පෙළෙනවා කවුරුත් නොසිතූ නවතම අනාවරණය මෙන්න

මෙරට ජනතාවගෙන් හතරෙන් එකක් දිළිඳුභාවයෙන් පෙළෙනවා කවුරුත් නොසිතූ නවතම අනාවරණය මෙන්න

මෙම අවස්ථාවට සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් මෙන්ම එම අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ද එක්වීමට නියමිතව ඇත.

දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් කොමිසමට අවසර

දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් කොමිසමට අවසර