හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවයට අස්ගිරි පාර්ශ්වයේ මහ නාහිමියන්ට ආරාධනා

Report

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර දී මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් අද(13) බැහැ දැක තිබේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) දේශීය වෛද්‍ය යූ.එස්.කේ.දෙනාවත්ත, අතිරේක ලේකම් (සංවර්ධන) දේශීය වෛද්‍ය සමන්ති රණසිංහ, ආයුර්වේද කොමසාරිස් ජනරාල් ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන සහ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ලෙස ගීතාමනී සී. කරුණාරත්න මහත්ම මහත්මීහු සහභාගී වී තිබුණි .

එහිදී අමාත්‍යවරයා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නාහිමියන්ට සහ වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහ නාහිමියන්ට හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය පිළිබඳව දැනුවත් කර ඒ සදහා ආරාධනා කළේය.

මෙරට ජනතාවගෙන් හතරෙන් එකක් දිළිඳුභාවයෙන් පෙළෙනවා කවුරුත් නොසිතූ නවතම අනාවරණය මෙන්න

මෙරට ජනතාවගෙන් හතරෙන් එකක් දිළිඳුභාවයෙන් පෙළෙනවා කවුරුත් නොසිතූ නවතම අනාවරණය මෙන්න

මෙවර රාජ්‍ය හිසතෙල්ගෑමේ මහෝත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේ දී සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙම රාජ්‍ය මහෝත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආයුර්වේද සංස්ථාව සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන ඒකාබද්ධව සංවිධාන කරනු ලබයි .

හෙද සේවයටනම් සුබයි වගේ - නවක හෙද සිසුන් බඳවා ගැනීම් ඉහළට

හෙද සේවයටනම් සුබයි වගේ - නවක හෙද සිසුන් බඳවා ගැනීම් ඉහළට