මෙරටට එන අලුත් ඉන්ධන සමාගම ගැන බලශක්ති ඇමති කියයි..
Sri Lanka
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
By krishani
මෙරට සිල්ලර ඉන්ධන අලෙවිය සඳහා වූ ගිවිසුම්වලට එළඹීමට සහ මෙහෙයුම් ආරම්භ කිරීමේ කටයුතු සඳහා Sinopec නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
එම කණ්ඩායමේ තාක්ෂණික විශේෂඥ කණ්ඩායමක් ද සිටින බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියේ.
ඊයේ (25) එම කණ්ඩායම සහ අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් එම අමාත්‍යාංශයේ දී පැවැත්විණ.
එහිදී එම ගිවිසුමට අදාළ කාලසටහන්, ගිවිසුමේ කොන්දේසි සහ ඊට අදාළ අනෙකුත් ගැටළු පිළිබඳව සාකච්ඡා සිදුකර තිබෙනවා.
කෙසේවෙතත්, එළඹෙන මැයි මාසයේ දී ඊට අදාළ ගිවිසුම්වලට අත්සන් කිරීමටත් දින 45 ක් ඇතුළත මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට එකඟ වූ බවත් අමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩයෙන් කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |