ප්‍රවීණ නළුවෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වෙයි

By Sithumi Nov 22, 2021 02:04 PM GMT
Sithumi

Sithumi

Report

දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රවීන සිනමා නළුවෙකු වන කමල් හාසන්ට කොරෝනා ආසාදනය වී තිබෙනවා. ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු තමා රෝහල්ගතව හුදෙකලාව සිටින බවයි. 

  එමෙන්ම කොරෝනා වසංගතය තවමත් අවසන් වී නොමැති බැවින් සැලකිලිමත් වන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් ද කළා. 

  සුප්‍රකට සිනමා තාරකාවක් වන කමල් හාසන්, මක්කල් නීධි මයියම් නැමති දේශපාලන පක්ෂය පිහිටුවාගෙන පසුගිය තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් වුවද කිසිදු ආසනයක් ජයග්‍රහණය කිරීමට සමත් වූයේ නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now