ක්‍රිකට් ගැටුමේදී තුවාල ලැබූ සිසුවා යළිත් රෝහල්ගත කෙරේ..

Kalutara Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi May 02, 2023 04:02 PM GMT
Sithumi

Sithumi

Report

කළුතර මැන්ගුස් (cricket) සටනේ සීමිත ඕවර ක්‍රිකට් තරගයේදී ඇතිවූ ගැටුමෙන් තුවාල ලැබූ කළුතර තිස්ස ජාතික පාසලේ හිරුෂ නෙත්සර සිසුවා නැවතත් රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා.

අද (02) රාත්‍රී 7ට පමණ හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් මත එම සිසුවා ව කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු බව වාර්තා විය.

පසුගිය 30 වැනිදා මග්ගොන සරේ ක්‍රීඩාගණයේ දී පැවැති ක්‍රිකට් තරගයෙන් අනතුරුව ඇතිවූ ගැටුමෙන් කළුතර තිස්ස ජාතික පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායක 18 හැවිරිදි හිරුෂ නෙත්සරගේ හිසටද පහරක් එල්ලවීම හේතුවෙන් ඔහුව කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණි.

ඉන්පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හිරුෂ කොළඹ ජාතික රෝහල වෙත මාරු කෙරුණු අතර එහිදී ඔහුව සී.ටී. ස්කෑන් පරීක්ෂණයක් සඳහාද යොමු කර ඇත.

නේවාසිකව ප්‍රතිකාර ලැබූ හිරුෂ අද (02) දහවල් රෝහලෙන් පිටව ගොස් තිබුණි. ඉන් අනතුරුව ඔහුව මෙලෙස යළි රෝහල්ගත කර තිබෙන බව වාර්තා විය.

සිය පුතුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුෂගේ මව පයාගල පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණි.

කළුතර ජාතික පාසල තරගය ජයගැනීමත් සමග පාසල් දෙකේම ක්‍රීඩකයින්, සිසුන් හා ආදි සිසුන් ක්‍රීඩා පිටිය මැදට දිවගොස් තිබුණි. එහිදී දෙපාර්ශ්වය අතර ගැටුමක් හටගෙන ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 


ReeCha