බිලියන දෙකක ආදායමක් ලබන කළුබෝවිටියාව තේ කර්මාන්තශාලාව.

Sri Lanka Economy of Sri Lanka Money Sri lanka tea
By Hashini Sep 12, 2023 09:47 AM GMT
Hashini

Hashini

Report

පසුගිය 2022 වසරේදී රුපියල් බිලියන 2ක වාර්තාගත ආදායමක් කළුබෝවිටියාන තේ කර්මාන්තශාලාව උපයාගෙන ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.

එම සමාගමේ ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමට පසුගියදා කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණා.

එහිදී අදාළ සමාගමේ සභාපතිවරයා පැවසුවේ, ගාල්ල,මාතර, මහනුවර දිස්ත්‍රික්කවල තේ කර්මාන්තශාලා 4ක් පවතින බවත්, රාජ්‍ය ආයතනයක් ලෙස නීතිරීතිවලට අනුගතව සමාගම සාර්ථකත්වය පෙන්වා ඇති බවයි.

ආයතනය කුඩා වුවද, මුල්‍ය ප්‍රකාශන ඇතුළු කරුණු හේතුවෙන් විශාල ප්‍රගතියක් මෙම සමාගම පෙන්වා ඇති බවත් විගණකාධිපතිවරයා පවසා සිටියා. 

ReeCha