මුළු සිංහල සිනමාවම කළඹමින් ජුනි මාසයේ පෙරළිකාර චිත්‍රපට 4ක් ප්‍රදර්ශනයට - සම්පූර්ණ විස්තරය මෙන්න
මෙම ජුනි මාසයේදී එකිනෙකට වෙනස් කතා තේමාවන්ගෙන් සමන්විත අලුත්ම ලාංකේය චිත්‍රපට හතරක් රිදී තිරයට එක්වීමට නියමිතව තිබේ. වාණිජ, හාස්‍ය, ත්‍රාසය සහ සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිර්මාණය වූ මෙම චිත්‍රපට හතර, මෙරට සිනමා ප්‍රේක්ෂකයින්ට විවිධ අත්දැකීම් රැසක් ලබාදෙනු ඇත.
ඒ අතරින් මේඝ සූරියආරච්චි, නිහාරි පෙරේරා සහ අශාන් ඩයස්ගේ රංගනයෙන් හැඩවුණු ‘සූරිය සුළඟ’ චිත්‍රපටය, මෙරට වාණිජ සිනමාවේ නව මාවතක් සලකුණු කළ ප්‍රියන්ත කොළඹගේගේ ඉදිරිපත් කිරීමකි.
ආදරය, ත්‍රාසය සහ වියරුව එකට මුසු වූ දැවැන්ත සිනමා අත්දැකීමක් ලෙස එය ප්‍රේක්ෂකයින් වෙත ගෙන එයි. ‘සූරිය සුළඟ’ මේ වන විටත් සිනමාශාලාවල ප්‍රදර්ශනය ආරම්භ කර තිබේ. ජුනි 19 වැනිදා සිට තිරගත වීමට නියමිත ‘රජ දහන’ චිත්‍රපටය, වාසිත සමරනායකගේ කුළුඳුල් අධ්‍යක්ෂණයයි.
ජනප්‍රිය නළු අමිල කරුණානායක සහ ටනාෂා හතරසිංහ ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටයට තවත් ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් ද එක්ව සිටී.
එදිනම තිරගත වීම ආරම්භ කරන ‘ඒක තමයි මේක’ හාස්‍ය චිත්‍රපටය, මෙරට සිනමාවට නව අත්දැකීමක් ගෙන එයි. මෙහි විශේෂත්වය වන්නේ, මෙරට ප්‍රථම වරට ජනප්‍රිය සමාජ මාධ්‍ය නිර්මාණකරුවන් රැසක්ම රිදී තිරයේ දක්නට ලැබීමයි.
සුරංග ද අල්විස්ගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය නව පරපුරේ ප්‍රේක්ෂකයින් ඉලක්ක කරගෙන නිර්මාණය වී ඇත.
පසුගිය කාලයේ රටපුරා කතාබහට ලක්වූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වූ ‘Room No: 106’ චිත්‍රපටයද සුරංග ද අල්විස්ගේම අධ්‍යක්ෂණයකි.
බිමල් ජයකොඩි සහ ඩිස්නි රාජපක්ෂ ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටය ජුනි 26 වැනිදා සිට ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය.
ලාංකේය සිනමා ඉතිහාසයේ, එකම මාසයකදී මෙතරම් විවිධ තේමාවන්ගෙන් යුතු චිත්‍රපට හතරක් රිදී තිරයට එක්වීම දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකේ. විශේෂයෙන්ම, එකම අධ්‍යක්ෂවරයෙකුගේ චිත්‍රපට දෙකක් එකම මාසය තුළ තිරගත වීමද මෙම කාලපරිච්ඡේදයේ විශේෂත්වයකි. ප්‍රදර්ශන කාලසටහන ජුනි 04 – සූරිය සුළඟ ජුනි 19 – රජ දහන ජුනි 19 – ඒක තමයි මේක ජුනි 26 – Room No: 106