ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගය අතරතුර ශ්‍රී ලංකා කඳවුරට නරක ආරංචියක්-

Report

ඉන්දියාවට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය වූ අද (18) පන්දු රකිමින් සිටියදී දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වූ අතර, ඒ හේතුවෙන් ස්කෑන් පරීක්ෂණයක් සඳහා ඔහු රෝහල් ගතකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර තිබේ .

ඒ වගේම නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියේ, හතරේ පහරක් වැළැක්වීම උත්සාහ කළ අවස්ථාවේදි ඔහුගේ දකුණු උරහිසට සහ බෙල්ලට තුවාල සිදුව ඇති බවයි .

ඒ අනුව කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා සහ වෛද්‍යවරයා විසින් ඔහු පිටියේ දි පරීක්ෂා කිරිමෙන් අනතුරුව ස්කෑන් පරීක්ෂණයක් සඳහා රෝහලට ගෙන ගොස් තිබේ ස්කෑන් ප්‍රතිඵල ලැබුණු පසු වැඩිදුර විස්තර ලබාදෙන බව ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සදහන් කර ඇත