රජයේ සේවයට එක්වන්නන්ට දැනුම්දීමක් - EPF සහ ETF ප්‍රතිලාභ ගැනත් ඇමති කියයි
නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසන්නේ අද දින රජයේ සේවයට අලුතින් එක්වන පිරිස සිය සේවා කාලය අවසානයේ විශ්‍රාම යන්නේ ද වත්මන් රජය යටතේම බවයි.
මේ බව ඔහු පැවසුවේ රජයේ සේවකයන් සඳහා පත්වීම් ලිපි ලබාදීමේ උත්සවයකට එක්වෙමින්ය. පවතින විවිධ අභියෝග සහ අර්බුද මධ්‍යයේ වුවද මෙම වසර පුරාවට බලශක්ති සැපයුම ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සුරක්ෂිත කිරීමට රජය නිසි කළමනාකාරීත්වයකින් යුතුව පියවර ගෙන ඇති බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
"අද ඔබ රජයේ සේවයට බැඳෙන්නේ මේ රජය යටතේ. ඔබ වසර ගණනාවක සේවයෙන් පසු වයස අවුරුදු 55න් හෝ 60න් විශ්‍රාම යන විට ඔබේ EPF සහ ETF ප්‍රතිලාභ හිමිවන්නේ ද මෙම රජය යටතේමයි. එම ස්ථාවරත්වය කිසිසේත් වෙනස් වන්නේ නැහැ."
ඔහු වැඩිදුරටත් පැවසුවේ රජය විසින් ගනු ලබන නිවැරදි කළමනාකරණ තීරණ හේතුවෙන් රටේ අනාගතය සහ රාජ්‍ය සේවයේ සුරක්ෂිතභාවය තහවුරු වී ඇති බවයි.