ආර්යන්ගේ නිදහස වෙනුවෙන් ජුහි චවුලා කළ කැප කිරීම (PHOTOS)
මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටි සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුතු ආර්යන් ඛාන් හට ඇප තැන්පත් කිරීම සඳහා ඉදිරිපත් වූයේ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නිළියක ද වන ජුහී චවුලා බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ආර්යන් ඛාන් පසුගිය 28 වැනිදා ඇප මත නිදහස් ලැබුවත්, ඊට අදාළ ඉන්දීය රුපියල් ලක්ෂයක ඇප අත්සන් කිරීමේ කටයුතු සිදුවූයේ ඊයේ (29) දිනයේදීයි.
සියලු කටයුතු අද (30) අවසන් වනු ඇති බවත්, අද දිනයේ ෂාරුක්ගේ පුතු ආර්යාන් බන්ධනාගාරයෙන් නිදහස ලබනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.
ජුහී චවුලා, ෂාරුක් ඛාන්ගේ පමණක් නොව, ෂාරුක්ගේ බිරිඳ ගෞරි ඛාන්ගේ ද හොඳම මිතුරියක් වනවා. ෂාරුක්ගේ පුතු වෙනුවෙන් ඇප වීමට ජුහී චවුලා කටයුතු කිරීම ඉන්දීය මාධ්‍යවල දැඩි අවධානයට ලක්වුණා.
මත්ද්‍රව්‍ය චෝදනාව ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ පුත්. ආර්යන් ඛාන් නිදහස්ව බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
දින 22ක් ඔහු බන්ධනාගාර ගතව සිටි බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |