මාධ්‍ය වේදීන්ට රතු එළියක්?..අගමැතිගෙත් දැඩි අවධානය යොමු වෙයි..

Sri Lanka Journalists Ramesh pathirana Dullas alahapperuma
By Aruna Sep 28, 2021 06:52 AM GMT
Aruna

Aruna

Report

සුදුළූණු වංචාව පිළිබඳව වාර්තා කළ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සඳහා කැඳවා තිබෙන බව අද (28) පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ සතිපතා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රශ්න මතු කෙරිණි.

ජනමාධ්‍ය අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම සඳහන් කළේ මෙම සිදුවීම පිළිබඳව තමා කණගාටුවට පත් වූ බවත් කැබිනට් රැස්වීමේදී ද මේ ගැන සාකච්ඡා කළ බවයි.

ඔහු මාධ්‍යවේදීන් විමසීම් වලට කැඳවීමෙන් වලකින ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකරට උපදෙස් ලබා දී ඇති බව ද ඔහු සඳහන් කළේය.

විමසීම සඳහා මාධ්‍යවේදීන් කැඳවා නොගන්නා බව ද අමාත්‍ය සරත් වීරසේකර සඳහන් කළා.

ප්‍රවෘත්ති ප්‍රකාශයට පත් කිරීම සඳහා මාධ්‍යවේදීන් කැඳවා පරීක්‍ෂා කිරීම ගැන ඇමති ඩලස් අලහප්පෙරුම සිය දුක්ගැනවිල්ල ප්‍රකාශ කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha