රටම ඇවිලුණු සිවුරේ ප්‍රශ්නේ විසඳයි - මීට පසු අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය මෙන්න - නව ගැසට් නිවේදනය නිකුත් කරයි

Report

භික්ෂූන් වහන්සේ නමක බන්ධනාගාරගත කිරීමේදී චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය දැනුවත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

ඒ අනුව අධිකරණ අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

එහි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිත්‍ය නියෝග කිහිපයක් සංශෝධනය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව යම් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් සිරකරුවකු වශයෙන් බන්ධනාගාරගත කිරීමේදී, උන්වහන්සේ එතෙක් ඇඳ සිටි සිවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඔස්සේ අදාළ නිකාය හෝ පාර්ශ්වය දැනුවත් කළ යුතු වේ.

මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි

මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි

එසේම අදාළ නිකාය හෝ පාර්ශ්වය විසින් සිවුරු ඉවත් කිරීම පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග දින දහයක් ඇතුළත බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඔස්සේ බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත දැනුම් දිය යුතු වේ.

ඒ අනුව එම කාලසීමාව තුළ ප්‍රතිචාරයක් නොලැබුණහොත් බන්ධනාගාර කොමසාරිස්වරයාට අදාළ විධිවිධාන අනුව කටයුතු කළ හැකි බව ද එම ගැසට් නිවේදනයේ දැක්වේ.

එසේම සිරගත කෙරුණු භික්ෂූන් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් මුදාහැරෙන අවස්ථාවක, බන්ධනාගාරගත කළ අවස්ථාවේ ඇඳ සිටි සිවුරු එලෙසින්ම ඇඳ සිටීමට අවසර ලබා දිය යුතු වේ.

තවද අදාළ නිකායෙන් හෝ පාර්ශ්වයෙන් එසේ සිවුරු ඇඳ සිටීමට අනුමැතිය ලබා දී නොමැති නම්, බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් අදාළ නියෝග අනුව කටයුතු කළ යුතු බව ද සඳහන්.

අද රත්තරන් ගත්තොත් ගාණ අඩුයි - පවුම් පිටින් අඩු වුණ රන් මිල ගණන් මෙන්න

අද රත්තරන් ගත්තොත් ගාණ අඩුයි - පවුම් පිටින් අඩු වුණ රන් මිල ගණන් මෙන්න

එමෙන්ම නිකායෙන් හෝ පාර්ශ්වයෙන් ලබාගත යුතු අනුමැතිය වෙනුවෙන්, බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් සිරගත කළ දිනයේ සිට වැඩ කරන දින හතක් (07) ඇතුළත බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ඒ බව දැන්විය යුතු වේ.

ඊට අමතරව වෙනත් ආගමකට අයත් පූජකවරයකු සිරකරුවකු වශයෙන් බන්ධනාගාරගත කිරීමේදී හෝ මුදාහැරීමේදී ද මෙම නියෝග අවශ්‍ය වෙනස්කම් සහිතව අදාළ කරගත යුතු බව අඳාළ ගැසට් පත්‍රයේ වැඩිදුරටත් දැක්වේ.

බෙංගාල බොක්කේ නව සුළි කුණාටුවක් නිර්මාණය වෙයි - දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 පන්නන වැසි -

බෙංගාල බොක්කේ නව සුළි කුණාටුවක් නිර්මාණය වෙයි - දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 පන්නන වැසි -

GalleryGallery