මෙහෙමත් මිනිස්සු. මැණික් කියා පාට ගල් පෙන්වා රන්භාණ්ඩ වංචාකල වයෝවෘද්ධ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් අල්ලයි..!
හොරණ නගරයේ සැරිසරමින් මැණික් ගල් යැයි පවසා විවිධ පාටින් යුත් ගල් පෙන්වා පුද්ගලයන් රවටා රුපියල් ලක්ෂ 20 කට ආසන්න රන් භාණ්ඩ වංචා කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු හොරයින් මත් කුඩු ගෑම් 10 ක් සමගින් අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය දිවයිනේ ලියාපදිංචි අපරාද කරුවන් ගේ ලේඛනගතව සිටින තැනැත්තන් බව පොලිසිය පවසනවා.
සැකකාරිය වයස අවුරුදු 63 ක් බටපොල පදිංචිකාරියක් වන අතර සැකකරු අවුරුදු 59 ක් වන මත්තල පදිංචිකරුවෙක් වන අතර මෙම සැකකාරිය සහ සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ මැණික් ගල් ( විවිධ පාට ගල්) පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා.
සැකකරුගේ සහ සැකකාරියගේ වංචාවට හසු වූ පුද්ගලයන් සිව් දෙනකු මේ වන විටත් හොරණ පොලිසියට පැමිණිලි කර ඇතැයි පොලිස් නිලධාරියකු පැවසූ අතර ඔවුන් සියලුම දෙනා රන් ආභරණ පැළැඳ සිටි වයෝවෘද්ධ කාන්තාවන් බව පොලිසිය පවසනවා.
ඊට අමතරව සැකකරුට සහ සැකකාරියට එරෙහිව දිවයින පුරා පොලිස් ස්ථානවලට පැමිණිලි රැසක් ලැබී ඇතැයි පොලිසිය පවසවනවා
