හමුදාවට එරෙහි හර්තාලයට ජීවය දෙන්න ජීවන් තොණ්ඩමනුත් එයි

Report

යුධ හමුදාවට විරුද්ධව උතුරු නැගෙනහිර ප්‍රදේශවල මෙම මස 15 වන දින සිදු කරන හර්තාල් ව්‍යාපාරායට ලංකා කම්කරු කොංග්‍රසයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට එම පක්ෂයේ මහ ලේකම් ජීවන් තොන්ඩමන් මහතා තීර්ණය කළ බව සඳහන් එම පක්ෂයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව පසුගිය 7 වන දින මුලතිව් ඔට්ටු සුඩාන් ප්‍රදේශයට අයත් මුත්තු අයන්කට්ටු ප්‍රදේශයේදි හමුදා ප්‍රහාරයක් නිසා ජීවිතක්ෂයට පත් වූ බව කියන අතිරාමන්නසිංහම් කපිල්රාජ් නම් (32) හැවිරිදි තරුණයාගේ සිරුර ඉකුත් 09 වන දින මුත්තු අයන්කට්ටු පොකුණක තිබී සොයා ගත් බව අඳාළ නිවේදනයේ සදහන් වේ.

ජවිපෙන් මීළඟ අගමැති ලෙස බිමල් රත්නායක - ගම්මන්පිල

ජවිපෙන් මීළඟ අගමැති ලෙස බිමල් රත්නායක - ගම්මන්පිල

එසේම එහි තවදුරටත් සඳහන් වූයේ යුක්තිය ඉල්ලා සහ හමුදාවේ අසාධාරණ ක්‍රියාවන්ට විරුද්ධව පැවැත්වීමට නියමිත එම හර්තාල් ව්‍යාපාරයට ලංකා කම්කරු කොංග්‍රසයේ පුර්ණ සහයෝගයද ලබා දෙන බවයි.

එමෙන්ම යුද්ධය අවසන් වී වසර 16කට පසුවත් මෙවැනි අමානුෂික ක්‍රියා සිදු වන බව සඳහන් කරමින් එය පිළිගත නොහැකි බවත් එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.

මේ අයට විතරක් විශේෂ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක්

මේ අයට විතරක් විශේෂ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක්

පාසල් නිවාඩු කාලයත් සමග දරුවන් අතර මාරාන්තික රෝගයක්

පාසල් නිවාඩු කාලයත් සමග දරුවන් අතර මාරාන්තික රෝගයක්