‘මං පොර’ අදහසින් හැසිරුණු ආණ්ඩුවේ අසාර්ථකත්වය - දයාසිරිගෙන් රජයට චෝදනා

Report

අමෙරිකාව තීරු බද්ද යම් තරමකින් අඩු කළද, ශ්‍රී ලංකාව හා අමෙරිකාව අතර ආනයන-අපනයන වෙළෙඳ පරතරය අඩු කිරීමට සාකච්ඡා සිදුකළ යුතුව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

එසේ සාකච්ඡා කළේ නම්, තීරු බද්ද තවදුරටත් අඩු කර ගැනීමේ හැකියාව තිබූ බව ඔහු අද (10) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

රජය අමෙරිකාවේ කුමන මට්ටමේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළේද යන්න ගැටලු සහගත බවත්, අමෙරිකාවේ ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ හැකි පිරිස් ශ්‍රී ලංකාවේ සිටින බවත්, ආණ්ඩුව ඔවුන්ගේ සහාය නොලබා ගත් බවත් ඔහු ප්‍රකාශ කළේය.

කෙහෙල්බද්දර පද්මේ සගයන් සමඟම මැලේසියාවේ කොටු වුණ හැටි මෙන්න

කෙහෙල්බද්දර පද්මේ සගයන් සමඟම මැලේසියාවේ කොටු වුණ හැටි මෙන්න

ආණ්ඩුව "මං පොර" සංකල්පයෙන් ක්‍රියා කරමින්, මෙය තමන්ට පමණක් කළ හැකි යැයි සිතූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමාන තත්ත්වය උද්ගත වූ බවත් ඔහු කීය.

"පෙරළුණු පිට හොඳයි" යන ආකාරයෙන් චින්තනය කරමින්, තීරු බද්ද තවදුරටත් අඩු කිරීමට සාකච්ඡා සිදුකළ යුතු බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වැඡිදුරටත් අවධාරණය කළේය.

O/L ප්‍රතිඵල අද රෑ – සියල්ල සූදානම්ද?

O/L ප්‍රතිඵල අද රෑ – සියල්ල සූදානම්ද?

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා