හිටපු අමාත්‍ය එස්.බී ගේ සහෝදරයාට ඇප

Report

සුරාබදු බලපත්‍රයක් ලබා දෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක මුදලක් වංචා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටි හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් දිසානායක මහතාට ඇප හිමිව තිබේ.

හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ සොහොයුරා වන ඔහුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත.

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

මෙම සැකකාර හිටපු මන්ත්‍රීවරයාව ඊයේ (14 වැනිදා) හඟුරන්කෙත ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ රුපියල් 27,500,000ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි සුරාබදු බලපත්‍රය ලබා නොදී වංචා කළ බවට ඉදිරිපත් වූ පැමිණිල්ලකට අනුවය.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔහුව ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කරන ලද නිවේදනයක් - දිනය පුරා වලංගුයි

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කරන ලද නිවේදනයක් - දිනය පුරා වලංගුයි