මාලිමාවේ කැබිනෙට්ටුව 25යි..දින්නම කරන්න යන දේ ගැන කලින්ම දැනුම්දීමක්..

Parliament of Sri Lanka Anura Dissanayake Sri Lanka Politician Sri Lanka Cabinet
By Aruna Jun 19, 2024 05:09 AM GMT
Aruna

Aruna

Report

ඉදිරියේදී පිහිටුවන ජාතික ජන බලවේග රජයක් යටතේ කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් විසි පස්දෙනෙකුට සීමා වන බව එම පක්ෂයේ ජාතික විධායක සභික හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර සිටිනවා.

ඔහු මේ බව සඳහන් කළේ, බණ්ඩාරගම ප්‍රදේශයේ පවත්වන ලද ව්‍යාපාරික හමුවක් අමතමින්.

ලබන බදාදා දිවයින පුරා පාසල් වැසෙයි?..සාමාන්‍ය පෙළ සිසුන්ටත් රතු එළියක්..

ලබන බදාදා දිවයින පුරා පාසල් වැසෙයි?..සාමාන්‍ය පෙළ සිසුන්ටත් රතු එළියක්..


එම අමාත්‍යංශ 25 විද්‍යානුකූල ක්‍රමයක් යටතේ කළමනාකරණය කිරීමට අවශ්‍ය කටයුතු දැනටමත් සැලසුම් කර ඇති බවයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ, අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන අතර කිසිදු ගැටුමක් ඇති නොවන ලෙස ඕනෑම පුරවැසියෙකුට තම අවශ්‍යතා අනුව අමාත්‍යාංශය හඳුනා ගැනීමට පහසු වන ලෙස විද්‍යානුකූල බෙදීම සිදු කරන බවයි.

පිහිනුම් ඇදුමින් දැරියන් ඇඟ උණුසුම් කරද්දි තරුණයෙක් කරපු සූක්ෂමව වැඩක්..

පිහිනුම් ඇදුමින් දැරියන් ඇඟ උණුසුම් කරද්දි තරුණයෙක් කරපු සූක්ෂමව වැඩක්..


රට වෙනුවෙන් සකස් කරන සමස්ත සැලැස්ම එක් එක් අමාත්‍යාංශ හරහා මෙහෙයවීමට අදාළ ඇමතිවරයා හා නියෝජ්‍ය ඇමතිවරයාට පැවරෙන වගකීම් බව ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.