අලුතෙන් ගෙනා පෙට්‍රල් 195 ඩීසල් ලීටරයක් 200 - කවුරුත් හීනෙන්වත් නොසිතූ ලෙස ඉන්ධන මිල වෙනස් වෙයි..?

Fuel Price In Sri Lanka Anura Kumara Dissanayaka Champika Ranawaka Latest Headlines AKD
By Sewvandhi Oct 05, 2024 08:22 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කළේ, ඉන්ධන වලට සාහසික ලෙස බඳු පනවා ඇති බවට පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ කෑ ගැසුවද අද වනවිට යථාර්ථය ජනතාවට හෙළි වී ඇති බවයි.

දැනට සති දෙකකට පෙර ලංකාවට ගෙන එන ලද පෙට්ටල් ලීටරයක් රුපියල් 195ක් හා ඩීසල් ලීටරයක් රුපියල් 200ක් වන බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

නමුත් මේ වන විට පෙට්‍රල් ලීටරයකට බදු රුපියල් 117ක් හා ඩීසල් ලීටරයකට රුපියල් 83ක් වශයෙන් අය කරන බවද ඔහු පැවසීය. ඉන්ධන බදු අඩු කරන බවට වේදිකාවේ කෑගැසුවද යථාර්ථය එය නොවන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

මේ අතර සැප්තැම්බර් 30 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනය කලා. 

ඒ අනුව 92 පෙට්‍රල් ලීටරයක් රු. 22 කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රු.311 ක් ලෙසයි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 283ක් වනු ඇත.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 319කි.

ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 183කි.

Gallery