පිහිනුම් ඇදුමින් දැරියන් ඇඟ උණුසුම් කරද්දි තරුණයෙක් කරපු සූක්ෂමව වැඩක්..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Sports
By Aruna Jun 19, 2024 03:12 AM GMT
Aruna

Aruna

Report

දැරියන් සූක්ෂම අයුරින් ජංගම දුරකථනය මගින් වීඩියෝ ගතකර ලිංගක අතවර කරන ලදැයි අත්අඩංගුවට ගත් සැකකරුවකු රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය ඊයේ (18) නියෝග කර තිබෙනවා.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කර ඇත්තේ, ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අංක 34, පරණ පාර, හොරණ පදිංචි සුබසිංහගේ ඉසුරු සම්පත් නමැති සැකකරු ලබන 27 වැනි දින තෙක් එලෙස රිමාන්ඩ් භාරයේ තබන ලෙසයි.

හදිසියේම උසස් පෙළ සිසුන් පිරිසකගේ ප්‍රතිඵල අත්හිටුවයි..හේතුව මෙන්න.

හදිසියේම උසස් පෙළ සිසුන් පිරිසකගේ ප්‍රතිඵල අත්හිටුවයි..හේතුව මෙන්න.


පිහිනුම් පුහුණුකරුවන් සහ පිහිනුම් තරග සඳහා පැමිණ සිටි දැරියන්ගේ දෙමාපියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයකු වන සැකකරු අත්අඩංගුවට ගත් බවයි, පොලිසිය අධිකරණය වෙත දන්වා ඇත්තේ.

බස්නාහිර පළාත් පිහිනුම් තරගාවලියක් ඉකුත් 15 වැනිදා සුගතදාස පිහිනුම් තටාකයේ පැවැති බවත්, එම තරගාවලියට පැමිණ සිටි දැරියන් තරග ආරම්භ කිරීමට පෙර පිහිනුම් ඇඳුමින් සැරසී ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාමවල නිරතව සිටියදී සැකකරු සිය ජංගම දුරකථනය මගින් දැරියන් වීඩියෝ ගත කර ඇති බවත් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.

පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේ, මෙම සිද්ධියට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී බාල වයස්කාර දැරියන් වීඩියෝ ගතකර තිබූ දර්ශන රැසක් සොයාගත් බවයි.

ශ්‍රී ලංකාවේ භූමිකම්පාවක්..සුණාමි අනතුරු ඇඟවීමක්?..

ශ්‍රී ලංකාවේ භූමිකම්පාවක්..සුණාමි අනතුරු ඇඟවීමක්?..


මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන හෙයින් සැකකරු රිමාන්ඩ් භාරයට පත්කරන ලෙසයි, පොලිසිය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

තවද අතිරේක මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියම කර ඇත්තේ, සැකකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙසත්, විමර්ශනයේ ප්‍රගතිය ලබන 27 වැනි දින අධිකරණයට වාර්තා කරන ලෙසයි.